01 September 2025

logo

ජාතික රෝහලටත් විශේෂ ආරක්ෂාවක්



කොළඹ ජාතික රෝහල සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව අද (26) උදෑසන සිට තරකර තිබෙනවා. 

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපළ පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගිය 22වන දින අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. 

එහෙත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. 

ඒ අනුව මේ වන විටත් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)