ග්‍රාමීය රෝහල්වලද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන්නේ මූලික රෝහල් හෝ ඊට ඉහළ ශ්‍රේණිවල රෝහල්වල පමණක් බවයි.
මේ හේතුවෙන් ගම්බද ප්‍රදේශවල ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව නොමිලේ ලබා ගැනීම තරමක් දුෂ්කර වී තිබෙනවා.
ඔහු සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 6ක මෙම ව්‍යපෘතිය ලබන මාසයේදි ආරම්භ කරන බවයි.
(colombotimes.lk)