colombotimes.lk
සිංහල | English

19 May 2024

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව නවතියි



ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

තානාපතිවරයා සඳහන් කළේ පවතින යුදමය තත්වය හේතුවෙන් ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි.

ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටී නම් අදාළ අංශ සමඟ සාකච්ඡා කර දිනය සංශෝධනය කර ගැනීමට කටයුතු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දී තිබෙනවා.
(colombotimes.lk)