colombotimes.lk
සිංහල | English

28 April 2024

ශ්‍රී ලංකා කණ්ඩායම WTC ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට



ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්වුණා.

මෙම තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලකුණු සටහනේ 9 වන ස්ථානයේ රැඳී සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය පරාජයට පත් වීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ සිටි බංගලාදේශ කණ්ඩායම 7 වන ස්ථානයට පත් වී තිබෙනවා.

(colombotimes.lk)