අහමදාබාද්හිදී සිදුවූ ගුවන් අනතුරින් ජීවිත රැසක් අහිමි වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කම්පනයට හා කණගාටුවට පත්වූ බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ඛේදජනක සිදුවීමෙන් විපතට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට හෘදයාංගම ශෝකය පළ කරන බවයි.
ඉන්දියාවේ අහමදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අද (12) පස්වරුවේ අනතුරට ලක්වුණා.