03 July 2025

logo

මෙරටට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට සැරසෙයි



ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස 3 තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. 

ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය (GFSI) වැනි දර්ශකවලින් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවේ සමස්ත තත්ත්වය නිවැරදිව පිළිබිඹු නොවන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම පවතින දත්ත ප්‍රමාණවත් හෝ නිරවද්‍ය නොවීම හේතුවෙන් ඒ මත පිහිටා නිසි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමද දුෂ්කර වී තිබෙනවා. 

ඒ අනුව ඉදිරි වසර 05ක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට අදාළ ප්‍රමුඛතා හා ඉලක්ක  හඳුනා ගනිමින් නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළඹීම වෙනුවෙන් මෙම නව ආහාර සුරක්ෂිතතා දර්ශකය නිර්මාණය කිරීමට නියමිතයි. 

(colombotimes.lk)