13 December 2025

logo

PHOTOS | ශ්‍රී ලංකාවට නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක්



ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදී තිබෙනවා. 

ඒ ජනාධිපති කාර්යාලයේ දීයි. 
 
ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා නව තානාපතිවරුන් දෙදෙනෙක් පත්ව සිටින අතර, මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා නව මහකොමසාරිස්වරයෙක් පත්ව සිටිනවා. 
 
අද අක්පත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින්, 
 
1. Mr. Damiano Francovigh – Ambassador – designate of the Republic of Italy in Colombo. ( දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා – තානාපති – ඉතාලි ජනරජය) 
 
2. Mr. Andrew Patrick – High Commissioner – designate of the United Kingdom of Great Britain & Northe Ireland (ඇන්ඩෘ පැට්‍රික් මහතා – මහ කොමසාරිස් – මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය) 
 
3. Dr. Felix Neumann- Ambassador – designate of the Federal Republic of Germany (ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා – තානාපති – ජර්මානු ෆෙඩරල් ජනරජය)
(colombotimes.lk)
May be an image of 7 people, motorcycle, scooter, street, monument and text
May be an image of 6 people and text
May be an image of 5 people and wedding
May be an image of 6 people, dais and text