ආර්ථිකය, ආරක්ෂාව හා හමුදා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකාව සමඟ පැවති සියලු සබඳතා අවසන් බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් ඛාර්නි පවසනවා.
ඔහු සඳහන් කළේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරු බදු හේතුවෙන් කැනඩා ආර්ථිකය පිළිබඳ මූලික වශයෙන් ජනතාව සිතා බලා කටයුතු කළ යුතු බවයි.
ඇමෙරිකා ආර්ථිකයට බලපෑමක් එල්ලවන ආකාරයේ බදු පැනවීමට තමා කටයුතු කරන බවද කැනඩා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඇමෙරිකාවෙන් ආනයනය කරන වාහන සහ වාහන අමතර කොටස් සඳහා 25%ක අමතර තීරු බදු පැනවීමට අදහස් කරන බවයි.
(colombotimes.lk)