24 February 2025


වනාන්තර ආශ්‍රිත දුම්රිය මාර්ගවල වේගසීමා පාලනයට පියවර



මඩකලපුව - කොළඹ දුම්රිය මාර්ගයේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව වලිඅලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත් පවසනවා.

ඔහු කියා සිටියේ එම මාර්ගයට සූර්ය පැනල සවි කිරීමටද සැලසුම් කර ඇති බවයි.

වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත දුම්රිය මාර්ගවල වේගසීමා පාලනය කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු කියා සිටියේ වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා තාක්ෂණික මෙවලම් භාවිතය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (24) පැවැත්වෙන බවයි.

ඒ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්, වනජීවී නිලධාරීන් මෙන්ම තාක්ෂණික නවෝත්පාදකයන් ඇතුළු පාර්ශව රැසකගේ සහභාගීත්වයෙන්.

(colombotimes.lk)