මෙවර අයවැයෙන් ලංකා ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ ඊයේ (02) අපේක්ෂා රෝහලේ නව වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීයි.
එහිදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට යම් කාලවලදී දේශීය ධනවතුන් සහ විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය ලැබෙන බවයි.
එම ප්‍රතිපාදන නිසි අයුරින්, විධිමත් සහ සැලසුම් සහගතව යෙදවීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)