25 October 2025

logo

ආපදාවට පත් වෙළඳ නෞකාවක් බේරා ගැනීමට පියවර



ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවික සැතපුම් 100ක් පමණ දුර මුහුදේ MV INTEGRITY STAR වෙළඳ නෞකාව ආපදාවකට ලක්වී තිබෙනවා.

ඒ ප්‍රධාන යන්ත්‍රවල කාර්මික දෝශයක් හේතුවෙන්.

එලෙස අනතුරට පත් නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර ඊයේ (24) පිටත්ව ගොස් තිබෙනවා. 

සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීම් මෙහෙයුම් ක්ෂණිකව දියත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 




(colombotimes.lk)