06 July 2025

logo

පාකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්



පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) රික්ටර් මාපක 5.3ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූමිකම්පාව කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුවී ඇති බවයි.

ජම්මු සහ කාශ්මීරයේ ඇතැම් ප්‍රදේශවලට ද ඉන් දැඩි කම්පන දැනී තිබෙනවා.

කෙසේ වෙතත් භූ කම්පනයෙන් පසු පාකිස්ථාන අගනුවරට කිසිදු හානියක් වී නොමැති බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)