colombotimes.lk
සිංහල | English

17 September 2024


ඊශ්‍රායල - හමාස් යුද්ධයේ අවසානයක් ළඟදීම?



ඊශ්‍රායල - හමාස් යුද්ධය සඳහා එක්සත් ජනපදය විසින් යෝජනා කළ සටන් විරාම සැළැස්මට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

හමාස් සංවිධානයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් ආපසු ලබා දීම සහ පලස්තීන සිරකරුවන් හුවමාරු කර ගැනීම ආදී කොන්දේසි මෙම යෝජනාවෙන් දක්වා ඇති බවයි සඳහන් වන්නේ.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 14 දෙනෙක් එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර රුසියාව ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.

එම යෝජනාවේ දැක්වෙන්නේ ඊශ්‍රායලය සටන් විරාම යෝජනාව පිළිගෙන ඇති බවත්, ඊට එකඟවන ලෙස හමාස් සංවිධානයෙන් ද ඉල්ලා සිටින බවයි.

(colombotimes.lk)