17 September 2025

logo

බස්නාහිර කුඩා පරිමාණ ව්‍යවසායකයන්ට සහන ණය



බස්නාහිර පළාත තුළ සිටින ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර ප්‍රකාශ කළා. 

ඒ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි.

එලෙස ණය ලබාදෙන පොලී අනුපාතය 3%ක් බව එහිදී ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ උපරිම ණය මුදල ලෙස රුපියල් මිලියන 03ක් ලබාදීමට කටයුතු කරන බවත් එලෙස ගනු ලබන ණය වසර 07ක් ඇතුළත පියවීමට කටයුතු කළ යුතු බවයි.   
මේ අතර හයිලෙවල් මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය එළඹෙන වසරේදී ආරම්භ කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

(colombotimes.lk)