අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යුවුට්ලර් සඳහන් කළේ සෑම විභාග මධ්‍යස්ථානයක්ම ආවරණය පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව ජංගම සංචාර හා රාත්‍රී සංචාර යොදවා එම මධ්‍යස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව සපයා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් සඳහන් කළේ එම ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබා ගන්නා බවයි.
(colombotimes.lk)
