10 November 2025

logo

බෙලිඅත්ත - අනුරාධපුර දුම්රියේ රියදුරු හා නියාමක ගැන විමර්ශනයක්



බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ඊයේ (09) පෙරවරුවේ ධාවනය වූ දුම්රියේ රියදුරු හා දුම්රිය නියාමක සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් නොදන්වා නතර කර තැබීම සම්බන්ධයෙන් එම විමර්ශනය ක්‍රියාත්මක බවයි.

රියදුරු විසින් අධික වේගයෙන් දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය නියාමක විසින් දුම්රිය හදිසියේ නවතා විනාඩි 30ක් එම ස්ථානයේ රැඳී සිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුරුව දුම්රිය නියාමක සහ රියදුරු කලහකාරීව හැසිරී ඇති බවයි.

ඔවුන්ගේ එම හැසිරීමත් සමඟ දුම්රිය ප්‍රමාදයක්ද හටගෙන තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි. 

(colombotimes.lk)