මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.
පසුගියදා පැවති එම සාකච්ඡාවේදී නිදහස් සෞඛ්‍ය සේවාවේ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සරිලන ආකාරයට ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ හැකියාවත් ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රමවේදයන් පිළිබඳවත් පුළුල් ලෙස විමසා බලා තිබෙනවා.
මෙහිදී ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගික රාමුවක් ස්ථාපත කිරීම, ඩිජිටල් මාධ්‍ය හරහා සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ඒ සඳහා ජාත්‍යන්තර සහාය ඇතිව ප්‍රධාන ව්‍යාපෘති අනුගතකර ක්‍රියාත්මක කිරීම, ඩිජිටල් පරිවර්තනය සඳහා ප්‍රධාන සංකල්ප සහ අවශ්‍යතා, මෙහෙයුම් කමිටු සංකල්ප, කෙටුම්පත් සංකල්ප සහ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සැලසුම් සකස් කිරීමට අදාළව සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
