ප්‍රමිතියෙන් තොර ඩීසල් තොග වෙළඳපොළට නිකුත් කරන බවට විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
කෙසේවෙතත් ඩීසල් තොගයේ යම් දෙයක් නිරීක්ෂණය වී ඇති බවත් එම තොගයේ සාම්පල තවමත් පරීක්ෂා වට ලක් කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
වාර්තා කර ඇති පරිදි තොගය නිකුත් කර නොමැති බවත් සාම්පල තත්ත්ව පරීක්ෂණ වලින් අසමත් වුවහොත් තොග යළි ආපසු හරවා යවන බවත් ඔහු පැවසුවා.
LIOC සමාගම, නැව් සමාගම සහ ස්වාධීන විමර්ශන කණ්ඩායමක් වරායට පැමිණ ඇති බවත් මේ වන විට සාම්පල පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ප්‍රමිතියෙන් අසාර්ථක වුවද වෙළෙඳපොළට නිකුත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.
පසුගිය නොවැම්බර් 05 වැනිදා සිංගප්පූරුවේ සිට කොළඹ වරායට පැමිණි මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයේ සාම්පල තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වී ඇති බවත්, මෙම විශේෂිත ඩීසල් තොගය කොළොන්නාව පර්යන්තයේ බෙදාහරින බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවසුවා.
ඩීසල් තොගයේ සාම්පල පිළිබඳ LIOC රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් එය බාල තත්ත්වයේ බව අනාවරණය වී ඇති බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)