03 July 2025

logo

සුඩාන ගුවන් අනතුරින් මියගිය ගණන ඉහළට



සුඩානයේ හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (25) අනතුරක් සිදුවුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 46ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුඩානයේ උතුරු ඔම්ඩුර්මාන්හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකට එම ගුවන්යානය කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව තාක්ෂණික දෝෂයක් බවට අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)