12 December 2024


අසාද් සාලි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්



2021 වසරේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිව අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ වෙනුවෙන් රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වග උත්තරකරුවන්ට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

(colombotimes.lk)