22 November 2024


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්



ජනාධිපතිවරයාගේ රුව සහිත ව්‍යාජ රුපියල් 5,000ක මුදල් නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකරුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු 38 හැවිරිදි වියේ පසුවන කඩුවෙල - කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
 
(colombotimes.lk)