රුපියල් ලක්ෂ 75කට ආසන්න වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
පොලිස් නිලධාරියෙක්ට ලද තොරතුරක් මත පානදුර පාලම ආසන්නයේ සැකකරුව පරීක්ෂා කිරීමේදී පොලිතීන් බෑගයක සඟවාගෙන සිටි හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 870ක් සමඟ ජාවාරමට යොදාගත් ජංගම දුරකථන දෙකක්ද සොයාගත් බව පොලීසිය පවසනවා.
එම සැකකරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි.
(colombotimes.lk)