21 February 2025


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201 මිලිග්‍රෑම් 290ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (18) නවගමුව පොලිස් වසමේ ජයසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)