13 February 2025


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 630ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (12) මහරගම පොලිස් වසමේ කොස්හේන හන්දිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන ඇරැව්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.      

(colombotimes.lk)