නීති විරෝධී මත්පැන් ලීටර 75ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (12) කඳාන පොලිස් වසමේ නැදුරුපිටිය පාලම ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)