26 May 2026

logo

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



රුපියල් කෝටි 08කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08 ග්‍රෑම් 365ක් සමඟ සැකකරුවෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක් වන තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැඩිදුර විමර්ශන සඳහා අදාළ සැකකරු සහ ඔහු රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)