හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 350 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (18) මිනුවන්ගොඩ පොලිස් වසමේ පන්සිල්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉමදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)