අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 190ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කුරුඳුවත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදීයි.
කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)