01 February 2025


මත්පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



මත්පෙති 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (31) මාවතගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාවතගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වන මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.     

(colombotimes.lk)