ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් අද (01) අලුයම 1.00ට පමණ අනතුරකට ලක්වී තිබෙනවා.
තලාව පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් පුද්ගලයන් සිව් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
යාපනයේ ඊයේ (31) පැවති උත්සවයකට සහභාගී වී නැවත කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.
(colombotimes.lk)