22 November 2024


සැක කටයුතු මෝටර් රථයක් තෙල්දෙණියෙන් හමුවෙයි



සැක කටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් තෙල්දෙණිය ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසල දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.  

පොලීසිය සඳහන් කළේ එම වාහනය පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තගේ පෞද්ගලික ලේකම්වරයා විසින් තවත් පුද්ගලයෙක් මාර්ගයෙන් එම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවයි.
 
එම රථය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ කරන බව පොලීසිය සඳහන් කළා.

(colombotimes.lk)