colombotimes.lk
සිංහල | English

02 July 2024

T20 WC Final 2024 | දේදුනු දේශයේ සිහින බොඳ කරමින් T20 කිරුළ ඉන්දියාවට



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකාවට එරෙහි පැවති අවසන් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

Virat Kohli ලකුණු 76ක් සහ Axar Patel ලකුණු 47ක් ලබා ගත්තා.

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කළේ ලකුණු 169ක් පමණයි.

Heinrich Klaasen ලකුණු 52ක් සහ Quinton de Kock ලකුණු 39ක් රැස් කළා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් තරගය ලකුණු 7කින් ජයග්‍රහණය කරමින් ශූරතාවය හිමි කර ගත්තා.

(colombotimes.lk)