13 May 2025


T20 WC 2024 | ඉතිහාසයේ පළමුවරට අපරාජිතයන් ගැටෙන අවසන් සටන අදයි



2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) කොදෙව් දූපත්හි Kensington Oval ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතරයි.

මෙම කණ්ඩායම් දෙකම අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්නේ 2024 T20 ලෝක කුසලානයේදී ක්‍රීඩා කළ තරග සියල්ල ජයග්‍රහණය කර අපරාජිතවයි.

ඒ අනුව අද ශූරතාව හිමි කර ගන්නා කණ්ඩායම T20 ලෝක කුසලාන ඉතිහාසයේ අපරාජිතව ශූරතාව දිනාගත් පළමු කණ්ඩායම ලෙස වාර්තා අතරට එක් වනවා.

මේ වන විට ඉන්දීය කණ්ඩායම එක් T20 ලෝක කුසලානයක් ජයග්‍රහණය කර ඇති අතර දකුණු අප්‍රිකා කණ්ඩායමට මෙතෙක් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට නොහැකි වී තිබෙනවා.

මෙම අවසන් මහා තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.

(colombotimess.lk)