මියන්මාරයේ සිරගතව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමට සාකච්ඡා



මියන්මාරයේ, Myawaddy ප්‍රදේශයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම්වරයා මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී තිබෙනවා.

වැඩබලන ලේකම් යූ.එල්. මොහොමඩ් ජවුහාර් මහතා පැවසුවේ, ඔවුන් මුදාගෙන නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවයි.

මියන්මාර රජයට, ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ප්‍රවේශවීමේ අපහසුතාවයක් මතුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මේ අතර මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් බේරාගෙන දිවයිනට ගෙන්වා ගැනීමට සහය වන බවට පොරොන්දු වෙමින් පිරිසක් අදාළ පවුල්වලින් මුදල් එකතු කිරීමේ නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එවැනි කණ්ඩායම්වලින් ප්‍රවේශම් වන ලෙසයි  අදාළ පවුල්වලට විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබා දෙන්නේ.
(colombotimes.lk)