11 July 2025

logo

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතියි



ඉන්දියාවේ තමිල්නාඩු හී නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අද (14) සිට එළඹෙන 18වනදා දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බවයි. 

එරට මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම මගී යාත්‍රා සේවය තාවකාලිකව නවතා තිබෙනවා. 

(colombotimes.lk)