දුම්වැටි අලෙවිය පහත වැටීම හේතුවෙන් මෙම වසරේ මුල් මාස අට තුළ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම 10.8%කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එම ආදායම රුපියල් බිලියන 71.6ක් බවයි වාර්තා වන්නේ.
සියලුම දුම්වැටිවලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි මස 1වනදා සිට බලපැවැත්වෙන පරිදි 14%කින් ඉහළ දැමුවා.
ඒ අනුව දුම්වැටිවල අලෙවිය මිලියන 1,228 දක්වා 21.8%කින් පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ මුල් මාස අට තුළ දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් රුපියල් බිලියන 80.3ක ආදායමක් ලබා තිබෙනවා.
(colombotimes.lk)