colombotimes.lk
සිංහල | English

07 May 2024

T20 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට දස වසරයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට (06) වසර 10ක් සම්පූර්ණ වනවා.

2014 වර්ෂයේ බංගලාදේශයේ ඩකා අගනුවර පැවති තරගයේදී ඉන්දියාව පරදා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කින් ජය ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස් කළා.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5ක් තුළදී සිය ජයග්‍රහණ සීමාව පසු කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය තමන් සතු කර ගත්තා.

එහිදී තරගයේ වීරයාට හිමි සම්මානය කුමාර සංගක්කාරට හිමිවුණා.
(colombotimes.lk)