22 November 2024


විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කරයි



නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ කටයුතු
අමාත්‍යාංශය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් පසුගියදා අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)