2025 ආසියානු කුසලානයේ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (14) රාත්‍රියේ සමත්වුණා.
A කාණ්ඩය යටතේ මෙම තරගය පැවැත්වුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් සම්ප්‍රදායික අතට අත දීමෙන් වැළකී සිටීම ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනාගත් සිදු වීමක් බවට පත්වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 127ක් රැස් කළා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 3ක් දැවී සිටියදී තරගය ජයග්‍රහණය කළා.
මෙහිදී ඉන්දීය නායක සූර්ය කුමාර් යාදෙව් විසින් ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රතිවාදී පාකිස්ථාන ක්‍රීඩකයන්ට අතට අත නොදී ක්‍රීඩාගාරයට ගමන් කර තිබෙනවා.
එමෙන්ම මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුවද දෙපිලේ නායකයන් අතට අතදීම මඟ හැරි බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය අප්‍රේල් මාසයේදී කාශ්මීර් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයන් මෙලෙස සාම්ප්‍රදායික අතට අතදීම මඟ හැර ඇති බවයි.
(colombotimes.lk)