05 February 2025


විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන චරිත කියයි



විදුලි බලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යැයි කියැවෙන සංකල්ප පත්‍රිකාවක් මේ දිනවල සමාජ අවකාශයේ ඇති බවත් එය අනාගත විදුලිබල පනත යැයි අද (3) හඳුන්වා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

විදුලිබල උත්පාදනය සඳහා අලුත් බලපත්‍ර දීමට යෝජනා කරන මෙය ආණ්ඩුව ඉදිරිපත් කරන පනත ද කිවයුතු බවත් ඒ සමඟම ආණ්ඩුව සතු ලක්ෂපාන සහ කෙහෙල්ගමුව ඔය සහ මස්කෙළිය යටතේ ඇති සියලු බලාගාරත්, මහවැලි ගඟ යටතේ ඇති බලාගාර තවත් කොටසක් ලෙසත් පෞද්ගලීකරණ කරන බවත් ඒ මහතා සඳහන් කළා.

වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ, සමනලවැව, උමාඔය, කුකුලේ ගඟ වැනි අනෙකුත් බලාගාර තවත් කොටසක් ලෙස යෝජනා කර ඒවා පෞද්ගලිකරණය කරන්නේ ද යන්න රජය හෙළිකළ යුතු බවයි

මෙම බලාගාරවලට ජලය නිකුත් කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජල ප්‍රවාහයන්ගෙන් රටේ කෘෂිකාර්මික අවශ්‍යතාව සඳහා ජලය ලබා ගැනීම ගැනීම අර්බූදයකට යා හැකි බව ද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී අද (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කර තිබුණා.

(colombotimes.lk)