මධ්‍යම ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී ශ්‍රී ලාංකික කාන්තාවක් මිය යාමට පෙර දැක්වෙන ආරක්ෂිත කැමරා ප්‍රථම වරට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ ඇයගේ පවුල වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින්.
2021 මාර්තු මාසයේදී නගෝයා ප්‍රාදේශීය ආගමන සේවා කාර්යාංශයේ රඳවා සිටියදී මියගිය රත්නායක ලියනගේ විශ්මා සඳමාලිගේ දළ වශයෙන් රජය විසින් සපයන ලද පැය පහක පමණ ආරක්ෂක කැමරා දර්ශනවල මිනිත්තු 7 ක පමණ කාලය ටෝකියෝ හි පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස පෙන්වනු ලැබුවා.
නඩුවක සාක්ෂි ලෙස රජය විසින් ඉදිරිපත් කරන ලද දර්ශන විස්මාගේ පවුලේ අයට සහ සමහර මන්ත්‍රීවරුන්ට පුද්ගලිකව නැරඹීමට හැකි වුවද, එයින් කොටසක් මහජනතාවට ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.
විශ්මා 2017 දී ශිෂ්‍යාවක් ලෙස ජපානයට පැමිණි නමුත් 2020 අගෝස්තු මාසයේදී ඇයගේ වීසා බලපත්‍රය ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් ආගමන මධ්‍යස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
මාසයක් පමණ වමනය සහ බඩේ කැක්කුම ඇතුළු අයහපත් සෞඛ්‍ය තත්වය යටතේ සිටි ඇය 2021 මාර්තු 6 වන දින මිය ගියා. විශ්මාගේ පවුලේ අය ඇයගේ මරණය සම්බන්ධයෙන් රජයෙන් වන්දි ඉල්ලා සිටින්නේ ඇය නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම හේතුවෙන් මිය ගිය බවට චෝදනා කරමින්.
(colombotimes.lk)