හෙළ සිනමාවේ නිළි රැජිණ අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි.
ඇයගේ දේහය අද උදෑසන 8.00ට පමණ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ සිට නිදහස් චතුරස්‍රය කරා රැගෙන යාමට නියමිතව තිබෙනවා.
එලෙස නිදහස් මන්දිරයේ තැන්පත් කෙරෙන දේහයට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරව දැක්විය හැකියි.
එමෙන්ම පස්වරු 3.30ට පමණ ඇය සිප්සතර හැදෑරු කැළණිය ගුරුකුල විද්‍යාලයේ ආදි සිසුන් සහ කලාකරුවන් එක්ව දේහය ආගමික වතාවත් කිරීම සඳහා ඉදි කළ විශේෂ පීඨිකාව වෙත රැගෙන යනු ලබනවා.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ තැනූ විශේෂ චිතකයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)