21 November 2025

logo

නුගේගොඩ රැළිය සඳහා සවි කළ ශබ්ද විකාශන යන්ත්‍ර කිහිපයක් ගලවයි



නුගේගොඩ විපක්ෂයේ රැළිය සඳහා සූදානම් කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ මේ වන විට පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගය හේතුවෙන්.

උසස්පෙළ විභාගයට බාධාවන බැවින් ශබ්ද විකාශන භාවිතය රැළිය පැවැත්වෙන භූමියට පමණක් සීමා කරන ලෙසට පොලීසිය සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබියදීත් මෙලෙස ප්‍රධාන මාර්ගයේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකර තිබෙනවා. 

(colombotimes.lk)