21 November 2025

logo

පිලිපීන හිටපු නගරාධිපතිවරියකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්



චීනය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වී තිබූ පිලිපීන හිටපු නගරාධිපතිවරියකට මහා පරිමාණ මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය ඇතුළු තිදෙනෙක්ට අදාළ චෝදනාවට වරදකරුවන් වී ඇති අතර සිරදඬුවමට අමතරව ඩොලර් 33,832ක දඩයක් ද පිලිපීන අධිකරණයක් මඟින් නියම කර ඇති බවයි. 

පිලිපීනයේ බම්බන් ප්‍රදේශයේ හිටපු නගරාධිපතිවරිය වන ඇලිස් ගුඕට මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. 

එරට ඉතිහාසයේ මහා පරිමාණ වංචාවක් ලෙස මෙය වාර්තා වී තිබූ අතර ඇයට අයත් බව කියන මධ්‍යස්ථානයක රඳවා සිටි මිනිස් ජාවාරම් සඳහා යොදාගත් පිලිපින ජාතිකයන් ඇතුළු 800දෙනෙක් වැටලීම්වලදී මුදාගැනීමට ද පිලිපීන ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)