21 November 2025

logo

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට මූලික එකඟතාවක්



ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මේ වන විට ගෙවීම් පැහැර හැර තිබෙන ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර, ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ප්‍රධාන බැඳුම්කර හිමි කණ්ඩායම සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබෙනවා. 

මෙම බැඳුම්කර හිමි කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ ඩොලර් මිලියන 175ක බැඳුම්කර ප්‍රමාණයෙන් 55%ක නියෝජනය කරන බවයි සඳහන් වන්නේ. 

මීට අදාළව ශ්‍රීලංකන් ගුවන් සේවය, බැඳුම්කර හිමියන් සමඟ සීමා කරන ලද සාකච්ඡා වට කිහිපයක් පසුගිය ඔක්තෝබර් 23 සහ නොවැම්බර් 19 කාල පරිච්ඡේදය තුළ පවත්වා තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් සිංගප්පූරු කොටස් හුවමාරුව වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා රජය හා ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ අදාළ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේ මූල්‍ය පරාමිතීන් සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන් සමඟ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹීමට හැකි වී තිබෙන බවයි. 

(colombotimes.lk)