ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතින බවට අපේක්ෂා කරන බවයි.
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
