තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්ගේ නිල මුද්‍රාව සහ අත්සන සහිත ව්‍යාජ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙක් පොළොන්නරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරකට අනුව කරන ලද වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 42 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළා.
ඔවුන් සන්තකයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රජයේ පශු වෛද්‍ය කාර්යාල, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන අධිකාරිය ආදී ආයතන මඟින් නිකුත් කරන ලද රියැදුරු බලපත්‍ර, ආදායම් බලපත්‍ර, විභාග සහතික, වාහන ලියාපදිංචි පොත් ඇතුළු ව්‍යාජ ලේඛන තොගයක් හමු වූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)