මානවරූපි රොබෝවරයෙක්ගෙන් පාලනය වන ලොව පළමු සිල්ලර වෙළෙඳසැල චීනයේ බෙයිජිං අගනුවරදී විවෘත කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ග මීටර් 9ක ප්‍රමාණයක ඉදිකළ මෙම වෙළෙදසැල පාලනය කරන්නේ ''ගැල්බොට්'' නම් මානවරූපි රෝබෝ හරහා බවයි.
මෙම වෙළෙඳසැල හරහා බීම වර්ග අලෙවි කරන අතර මෙම රොබෝට භාෂා කිහිපයක් හැසිරවීමේ හැකියාව ද පවතිනවා.
(colombotimes.lk)