11 November 2025

logo

යළිත් ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්



යළිත් වරක් රේගුව තුළ ආනයනික බහාලුම් තදබදයක් ඇතිවිය හැකි බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

උත්සව සමය ආරම්භයත් සමඟ ලබන 15වනදායින් පසු ආනයනික බහාලුම් වැඩිවීම හමුවේ මෙම තදබදය ඇති විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ආනයනික බහාලුම් නිෂ්කාශන මධ්‍යස්ථානවල ඉඩකඩ ප්‍රමාණවත් නොවීමද ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

(colombotimes.lk)