11 November 2025

logo

ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළට



මෙරට ප්‍රදේශ කිහිපයක වායු තත්ත්ව දර්ශක අගයන් ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. 

මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන කියා සිටියේ විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය තරමක් අහිතකර මට්ටමක් දක්වා වර්ධනය වී තිබෙන බවයි.
 
අන්තර් දේශ සීමා අතර සිදුවන වායු සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙනවා.

ඔහු කියා සිටියේ මීට සති දෙකකට පෙර පැවති වායුගෝලයේ කැලඹිලි ස්වභාවය සමඟ උතුරු දෙසින් රට තුළට වායු දූෂකකාරක ඇතුළු වී තිබෙන බවයි. 

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව මේ වන විට ලංකාව සතුව තිබෙන බව ඔහු සඳහන් කළා.

ඔහු කියා සිටියේ යාපනය, කිළිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල දර්ශක අගය 150 - 200 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.

ශ්වසන ආබාධ පවතින පුද්ගලයන්ට මෙම තත්ත්වය තුළ හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකි බවත් ඔවුන් එවැනි අවස්ථාවලදී වහාම වෛද්‍යවරයෙක්  මුණගැසිය යුතු බවත් ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)